Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රෙය් ස්ථාපිත කර තිබූ ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය හෙට (6) සිට වසාදැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සම්මත 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වසර 2020 පෙබරවාරි 15 වැනිදා ස්ථාපිත කළ මෙම ඒකකය, ඊයේ (4) වන විට විභාග කර තිබූ ක්‍රීඩා වැරදිවලට අදාළ විමර්ශන ගණන 55කි. ඉන් 10 ක් ඉදිරි ක්‍රියාමාර්ග විමසීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබුණි.
වාර්තා වන පරිදි ඉන් තුනක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ඊයේ වන විට ලැබී තිබිණ.
මෙම ඒකකයේ කටයුතු අවසන් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවට සිය නිගමන යවා තිබූ බව ද වාර්තා වේ.
මෙහි කටයුතු හෙට සිට අත්හිටුවීමට නියමිතව තිබියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් 14 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා තිබුණි. කෙසේ වුවත් ඊයේ වන එහි නිලධාරීන් බහුතරයක් වෙනත් සේවා ස්ථානවලට මාරුවීම් ලබා තිබුණි.
ඒකකය ආරම්භයේ සිට එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා ඊයේ සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයකට උසස්වීම් ලබා වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කර තිබේ.
ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ස්ථානාධිපති, විමර්ශන නිලධාරීන් පස් දෙනකු හා විමර්ශන නිලධාරිනියන් දෙදෙනකුගෙන් සමන්විත විය. ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබන අතර, ඔවුන් වගවීමට බැඳී සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි.
කෙසේ වුවත් මෙම පොලිස් ඒකකයේ කටයුතු අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය මතභේදාත්මක යයිද වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ අනුමත පනතකින් පුළුල් බලතල සහිතව පත්කෙරෙනු මෙම ඒකකය සඳහා පළමුව වසර තුනක අනුමැතියක් ලැබී තිබේ. එම කාලසීමාව නිමාවට පත්වෙමින් තිබෙන අතර, එහි නිලධාරීන්ට සේවා දිගුවක් ලබා නොදීමෙන් ඒකකය තවදුරටත් ක්‍රියාකාරීව නොපවතිනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
තත්ත්වය එසේ වුවත් මෙම ඒකකයට නොබෝදා තවත් පැමිණිලි තුනක් ලැබී තිබූ බව සඳහන් වේ. නොබෝදා කොළඹදී අවසන් වුණු එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අදාළ පැමිණිල්ලක්ද සමග ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය හා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ප්‍රධානීන් කිහිපදෙනකුට එරෙහිව එම පැමිණිලි තුන ලැබී තිබේ.
එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් අනුග්‍රහයට බුකිකරුවකු සම්බන්ධ වී සිටි බවට පැමිණිල්ලෙන් කියා ඇත. මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානියෙකු මෙරට ක්‍රීඩකයන් එතෙර තරග සංචාරවලට ගෙන ගොස් ඇතුරුදන් කරන බවටත්, කරාටේ දෝ සම්මේලනයේ ප්‍රධානියෙකුට රුපියල් ලක්ෂ 70ක් වන මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන්ද මෙම පැමිණිලිවලින් චෝදනා නගා තිබේ.
මෙම පැමිණිලි තුන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීමෙන් පසුව ඔහු ඒවා විමර්ශනය සඳහා ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයට බාරදී තිබේ.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ ප්‍රධානියෙකු මෙලෙස ලංකාදීපයට අදහස් දැක්වීය.
“ලැබෙන පැමිණිලි විමර්ශනයන් පස්සේ තොරතුරු පදනම් කරගනිමින් මහාධිකරණයේ නඩු පැවරීමේ පුළුල් බලතල මෙම පොලිස් ඒකකයට ලැබී තිබුණා. පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන් මෙවැනි ඒකකයක් මේ ආකාරයට වසා දැමීමට දරන උත්සාහය කෙතරම් අර්ථවත්ද යන්න විමසිය යුත්තක්.
මෙවැනි ඒකකයක් ක්‍රියාත්මකව පැවතීම තුළින්ම ක්‍රීඩා වැරදි පාලනයට යම් දායකත්වයක් ලැබෙන බවයි බොහෝ දෙනකු විශ්වාස කරන්නේ. මේ අවුරුදු තුනට පැමිණිලි 55ක් ලැබීමෙන්ම එය පැහැදිලියි. ඒ වගේම බොරු පැමිණිලිවලට වැට බඳිමින් තමයි අපි මෙම කටයුතු දිගටම කරගෙන ගියේ’’
වසර 2011 ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකර ගත් ලෝක කුසලාන (සීමිත ඕවර) ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් 2020 ඔක්තෝබර් මෙම ඒකකය කළ විමර්ශන ජාත්‍යන්තර වශයෙන්ද දැඩි අවධානයක් දිනාගත්තේය.
එහිදී අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී පාවාදීමක් කළ බවයි. ඒ හේතුවෙන් මෙම විමර්ශන ඒකකයේදී ප්‍රශ්න කිරීම සඳහා මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, උපුල් තරංග සහ අරවින්ද ද සිල්වා ආදීහු ද කැඳවීම් ලැබූහ.
කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රකාශයට පදනමක් නැතැයි කියමින් එම විමර්ශන අවසන් කිරීමට එම ඒකකය කටයුතු කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
sam Thursday, 05 January 2023 12:12 PM
සල්ලි වලට මේ අය කෑදරයි. මේක යට ගියාට මේ අය කොහේ හරි ගෑවිලා ඇති...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.